ලෝකෙම ඉස්සරහ ලංකාවට ලැබුණු ජය - ඉතාලියට ගිහින් රට දිනවපු අමල්[PHOTOS]

Report

ලංකාවට ආඩම්බරයක් එක් කරන සුවහසක් ශ්‍රී ලාංකිකයන් අතරේ අමල් සතරසිංහගේ නමත් මේ වෙන කොට ලියවිලා ඉවරයි.

ඒ වෙනුවෙන් දශක දෙකකට ආසන්න කාලයක් ඔහු කළ කැපකිරීම ප්‍රශංසනීය වෙන්නේ විදේශයකට ගොස් ලක් මාතාවට ජාත්‍යන්තරය ඉදිරියේ ආඩම්බරයක් එක් කිරීමට ඔහු ගත් උත්සාහයයි. ඉකුත් 2003 වසරෙදි ඉතාලියට ගිය අමල් සිය සූපවේදි ජීවිත‍යේ විශාල හැරවුම් ලක්ෂයට මුහුණ දෙනවා.

ඒ පීට්සා වර්ග 16ක් වෙනුවෙන් උතුරු ඉතාලියේ රිමිනි නුවර පැවැති Campionato del Mondo di Pizza ලෝක ශුරතාවලියේ ලැබූ ජයග්‍රහණයත් සමඟයි.

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

තරග අංශ 16ක් යටතේ පැවති තරගයට ඉතාලි ජාතිකයින් බහුතරයක් අතරින් ජයග්‍රාහකයෙක් ලෙස තමන්ගේ නම ප්‍රකාශ කරනවිට ඔහුට දැනුණු සතුට ඔහු වචන කළේ,

"මගේ නමේ කොටසක් නිවේදනය කරනවා මට හීනෙන් වගේ ඇහුණා. මගේ නම තියෙන වෙන කෙනෙක්ද ? මට එහෙමයි හිතුණේ.. 'මෙතන වෙන අමල්ලා නෑ බං..ඒ උඹම තමයි' මගේ සිත මට බෙරිහන් දුන්නා.."

මෙම සූපවේදී තරග මාලාවේ එක තරගයක ජය අමෙරිකානු ජාතිකයෙක් දිනා ගත් අතර අනතුරුව පැවති තරගයකින් අමල් තුන්වැනි ස්ථානයට පත්විමට සමත්ව තිබුණා.

සමාජ මාධ්‍ය කළඹපු යොහානි, උපන්දින සිහිනය සැබෑ කරමින් කරපු අපූරු දේ මෙන්න

සමාජ මාධ්‍ය කළඹපු යොහානි, උපන්දින සිහිනය සැබෑ කරමින් කරපු අපූරු දේ මෙන්න

මෙහි විශේෂත්වය නම් ඒ ඇර කිසිම රටකින් කිසිවෙකුට ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි වීමයි.

මේ වන විට ලැබූ ජයත් සමඟ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග එරට සතුටෙන් ජීවත් වන අමල්ට ලංකාවේ සුබ පැතුම් එක් වෙන්නේ ඔහුගේ හැකියාවෙන් ඉදිරියටත්තු රටට අභිමානයක් එක්කරන්නට හැකිවේවායි පතමින්.

කෙල්ලෝ පිස්සු වට්ටපු ලංකාවේ සිහින කුමාරයාගේ වයරල් වුණ ෆොටෝ ෂූට් එක

කෙල්ලෝ පිස්සු වට්ටපු ලංකාවේ සිහින කුමාරයාගේ වයරල් වුණ ෆොටෝ ෂූට් එක

GalleryGalleryGalleryGalleryGalleryGallery