ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

Report

ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ''නිසි ප්‍රතිචාරයක් ලබා දෙන" බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා ඇත.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුද අභ්‍යාසයක් නිමා කර නැවත ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ඒ අනුව සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ඔහු පවසයි.

ලෝකෙම බලන් ඉද්දි ලංකාවේ තිබ්බ ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු අද ගුවනින් මව්රටට

ලෝකෙම බලන් ඉද්දි ලංකාවේ තිබ්බ ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු අද ගුවනින් මව්රටට

එසේම IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් වශයෙන් පවතිනු ඇති බවද එහිදී ඉරාන හමුදාපතිවරයා සඳහන් කළා.

තවද අමීර් හතාමි අවධාරණය කළේ ඉරානයේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීමට සහ නාවික බලය තවදුරටත් ශක්තිමත් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවයි.

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

දරුණු ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් අනතුරු අගවයි - ආයුධ බිම තබා වහාම යටත් වෙන්න

දරුණු ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් අනතුරු අගවයි - ආයුධ බිම තබා වහාම යටත් වෙන්න