පිටි මිල අඩුවීමත් සමඟ පාන් මිල ගැන බේකරි හිමියන් ගත් තීරණය.
Sri Lanka
By Wayomi
ඊයේ (18) සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව බේකරි හිමියන් පවසනවා.
පසුගියදා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ බැවින් නැවත මිල සංශෝධනයක් කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සමස්ත ලංකා බෙකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ, තිරිඟු පිටි සමාගම් 10 අතරින් සමාගම් 2ක් පමණක් මෙලෙස තිරිඟු පිටි මිල අඩු කර ඇති අතර එයද අදාළ සමාගම් වට්ටමක් ලෙස ලබා දෙන බවත් එයද අදාළ සමාගම් විසින් ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකි බවත්ය.
එබැවින් නැවත පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 30කින් හෝ අඩු විය යුතු බවයි ඔහු තව දුරටත් සඳහන් කරන්නේ .
