හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...
වෙළඳපොළේ ඇති සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර තිබෙන තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ලෙස සඳහන් කර තිබීම පිළිබඳව විවිධ පාර්ශව මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව අධිකාරිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඊයේ (11) දින මේ සඳහා මුලික සාකච්ඡාවක් අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇති බව සඳහන්.
එම සාකච්ඡාව තුළින් සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන අයුරින් ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම හා ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන්වලට ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කර තිබෙනවා.
අඳාළ සාකච්ඡාව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අධිකාරිය මහජනතාවට දැනුම් දුන්නේ වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට අඛණ්ඩව කැපවෙන බවයි.
