විපක්ෂයේ යෝජනාවක් පිළිගන්න කැමති බව විජේදාස කියයි..? (VIDEO)
මහජන මතයට ගරු කරන මන්ත්‍රීවරුන් 22වන සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ අමාත්‍යාංශයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, "දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ 20 සහ 21 දින දෙකේදී මෙය විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධන අපි ඒ ආකාරයටම ඉදිරිපත‍් කරලා තියෙනවා. ඊට අමතරව විපක්ෂ නායකතුමා සංශෝධන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන දෙක අපි පිළිගන්න එකඟවෙලා තියෙනවා. සිවිලි සමාජයෙන් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් තිදෙනා පත්කිරීමේදි අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා එකඟතාවයක් ඇතුව නිර්පාක්ෂික සුදුසු තැනැත්තන් තුන්දෙනෙක් පත්කිරීම.
ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා යම් යම් අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යංශය හැරෙන්න වෙනත් අමාත්‍යංශ දරන්න ජනාධිපතිට බලය තිබෙනවා. ඒ වගන්තිය ඉවත් කරන්න විපක්ෂය ඉල්ලීමක් කළා. ඒකට මම එකඟතාවය පළකලා. ඒ ඇරෙන්න වෙනත් සංශෝධනයක් ඉදිරිපත් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |