නවතම සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණය දිනන්නෙ කවුද?. මෙන්න විශේෂ හෙළිදරව්වක්..

Report

තමන් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට ඇතැම් පක්ෂ ව්‍යාජ සමීක්ෂණ ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර සිටිනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සමාජ මාධ්‍ය තුළ හැමදාම ජයගන්නේ එම පක්ෂය පමණක් නමුත් මැතිවරණයෙන් ලැබෙන්නේ ඉන් වෙනස් ප්‍රතිඵල බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

සමාජ මාධ්‍යයේ හතු පිපෙන්නාක් මෙන් සමීක්ෂණ වාර්තා එළියට එන බවත් එම දත්ත වාර්තා අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කළා.

සමීක්ෂණ වාර්තාවල පෙන්වන වාර්තා දත්තවලට නියැදි සහ තොරතුරු ගන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි ඔහු වරඩි දුරටත් කියා සිටියේ.

නවතම සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණය දිනන්නෙ කවුද?. මෙන්න විශේෂ හෙළිදරව්වක්.. | Who Will Win The Presidential Election

නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මැතිවරණ යාන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු මෙවර මැතිවරණයෙන් ජයගන්නේ කවුදැයි සොයාගත හැකි වනු ඇති බවයි.