ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද?

Latest Headlines
By Piyumika May 11, 2024 01:45 PM GMT
Piyumika

Piyumika

Report

අපි හැමෝම දන්න දෙයක් තමයි ලෝකයේ පළවෙනි පිරිමියා ආදම් කියන එක.

එතකොට ආදම්ගේ බිරිඳ වන ඒව ලෝකයේ පළවෙනි ගැහැණිය කියලා තමයි අපි හිතන් ඉන්නේ.

ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද? | Who Is The First Woman In The World

මොකද මැව්වාදයට අනුව ආදම්ගේ ඉල ඇටයකින් දෙවියන් විසින් මවපු ඊළඟ ජීවියා ඒව කියලා ගොඩක් තැන්වල සඳහන් වෙලා තියෙන නිසා ඒ කියන්නේ මිනිසා පැවත එන්නේ මේ දෙන්නගෙන් කියලා.

ඒත් තවත් මතයක් තියෙනවා ආදම්ගේ පළවෙනි බිරිඳ හෙවත් ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව නෙමෙයි කියලා.

මේ කතාව ඇති වෙන්නේ මිනිසා මැව්වා කියන කොටස දේවතාවක්ම සඳහන් වන නිසා.

කොහොම හරි පළවෙනි මැවීමේදී ආදම්ගේ ඉල ඇටයකින් නැතුව පිරිමියා සහ ගැහැණිය දෙවියන් තම ස්වරූපයට මැවූ බව සඳහන් වෙනවා.

ඉතින් මෙහෙම මවපු පළවෙනි ගැහැණිය පළමු ඒව (First eve) කියලත් නැතිනම් උතුරු වැසියා(Notherner) විදිහටත් හඳුන්වනවා.

පැරණි ජන කතා වලට අනුව නපුර පැමිණෙන්නේ උතුරෙන් බවට විශ්වාසයක් තිබෙන නිසා තමා Northerner කියලා හඳුන්වලා තියෙන්නේ.

ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද? | Who Is The First Woman In The World

මේ නම් වලට වඩා මෙයාව හදුන්වන්න බහුලවම භාවිතා කරන නම තමා ලිලිත්(Lilith) කියන්නේ. මේ නමේ තේරුම අඳුර/රාත්‍රිය කියන එක.

ඒ අනුව ලිලිත් නපුරෙහි අඳුරෙහි බලවේගය කියලත් හැඟවීමක් කරනවා.

දැන් ඔයාලට හිතෙනවා ඇති එහෙනම් ඒව පළමු ගැහැණිය ලෙස හඳුන්වන්නේ ඇයි?

ලිලිත්ත මොකද උනේ කියලා. ඉතින් දෙවියන් මේ ආදම්වයි ලිලිත්වයි දෙන්නව මවන්නේ පොළොවේ පස්වලින්.

මැවීම් පිළිබඳ සඳහන්වලදී ආදම් මුහුණු දෙකක් ඇති මිනිසෙකු ලෙස මැවූ අතර පස්සේ මූණු දෙක වෙන වෙනම ශරීරයක් ඇති ආකාරයට වෙනස් කරනවා.

මේ නිසා ලිලිත්ව "ආදමා" ලෙසත් හඳුන්වනවා. කොහොම හරි මේ මැවිම් කාර්යයෙන් පසු දෙදෙනා අතර ගැටුම් ඇති වෙනවා මොකද ලිළිත් ආදම්ට යටත් වෙලා ඉන්න කැමති වෙන්නෙ නෑ.

දෙන්නම දූවිල්ලෙන් හැදුනු සම තත්වයේ කෙනෙක් නිසා ආදම් ද ඇයට යටත්ව සිටිය යුතු බවට ලිලිත් පවසනවා. මේ වෙලාවේදී ආදම් ඇයට යටත්ව සිටීම ප්‍රතික්ෂේප කර ඇයට තමාට යටත්ව සිටීමට බල කරන කරනවා.

මේකට උරන උන ලිලිත් දෙවියන්ගේ සැබෑ නමින් අමතා වෙනත් වේශයක් මවාගෙන රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයකට පියඹලා ගිහින් තියෙනවා.

ඉතින් පස්සේ ආදම් නැවත දෙවියන්ගෙන් සහකාරියක් ඉල්ලලා ඊට පස්සේ තමයි අපි දන්න ඒවා පිරිමියාගේ ඉල ඇටයකින් නිර්මාණය කරන්නේ.

කොහොම හරි මේ ලිලිත් ආපසු ගෙන්නන්න දෙවියන් දේවදූතයන් යැවුවත් ඇය ඒ එකට කැමති වෙන්නේ නෑ.එයා කියනවා තමාව දෙවියන් නිර්මාණය කර ඇත්තේම කුඩා බිළිඳුන්ට හානි පැමිණි වීමට සහ මරා දැමීමට බවත් අලුත උපන් පිරිමි දරුවන් දින අටක් ගතවන තුරු හා ගෑනු දරුවන් දින විස්සක් ගතවන තුරු තමන්ට අයිති බව ලිලිත් පවසනවා.

ඇය තමාව නැවත ගෙන්වා ගැනීමට සොයා ආව දේවදූතයන් වන සෙනෝයි, සන්සෙනෝයි,සෙමාන්ගෙලෝෆ් කියන අය පෙනී සිටින හෝ නම් සඳහන් වන තැන් වල බිළිඳුන්ට හිරිහැර කරන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා.

මේකෙන් සෑහීමකට පත්වෙන දේව දූතයන් ආපසු යනවා.හැබැයි දෙවියන් ඇයට දඬුවමක් ලෙස දිනකට ඇයගේ දරුවන් සියයක් අනිවාර්යයෙන් මරණයට කැපවන ලෙස ශාපයක් කරනවා.

ලෝකයේ පළවෙනි ගැහැණිය ඒව ද? | Who Is The First Woman In The World

කොහොමහරි ලිලිත් සමායෙල් කියන ප්‍රධාන දේව දූතයා තමාගේ සහකරු ලෙස තබාගෙන කටයුතු කරන අතර සමායෙල් කියන්නේ දෙව් ලෝකයෙන් නෙරපා දැමු දේවදූතයෙක්.

ඒ වගේම එයා මරණයට අධිපති දේවදූතයා ද වෙනවා. සමායෙල් හා ලිලිත් එක්ව දරු පරපුරක් බිහිකරන්නට පටන් ගත්තා.ඔවුන් අඳුරු බලවේග,යක්ෂ පරපුරක් උනා. ඒ නිසා දෙවියන් සමායෙල්ව බෙලහීන කරනවා.

මේ සිදුවීම් වලින් පස්සේ ලිලිත් සමායෙල් හැර ගිය බවත් සඳහන් වෙනවා.පසුව දෙවියන් විසින් ලිලිත්ව ද නිසරු කළ බවත් කියවෙනවා.

ඒත් ලිලිත් ගැබිනියන්ට අනතුර සිදුකරමින් බිළිඳුන් පැහැර ගනිමින් හා මරා මරාදමමිනුත් ඒ වගේම තනියෙන් වෙසෙන පිරිමින් සොයා ගොස් නින්දේදී ඔවුන්ගේ ශුක්‍ර ධාතුව ලබාගෙන එමගින් ගැබ්ගෙන දරුවන් සිය ගණනින් බිහිකරන බව සඳහන් වෙනවා.

ලිලිත් කවමදාවත් තහනම් ගසෙන් අනුභව නොකළ නිසා එයා අමරණීය ස්ත්‍රීයක්ද වෙනවා.

ඒවව තහනම් ගසේ පළතුරු කෑමට පොළඹවා ගත් ඒදන් උයනේ සර්පයා උනේ මේ ලිලිත් කියලා මතයක් තිබේ.

කෙසේ වෙතත් ලිලිත් යුදෙව් ජනප්‍රවාද වල පැවත එන අයෙක් මෙන්ම මෙසපොතේනියානු ශිෂ්ටාචාරවල යක්ෂයන්ගෙන් පැවත එන බවත් සඳහන් වේ.

එහිදී මෙම ලිලිත්,ආදම්,ඒව අතර සම්බන්ධයක් නොමැති බවත් ඒවට පෙර මෙවන් ස්ත්‍රියක් නොසිටි බවත් ඇතැමුන්ගේ මතයයි.

කෙසේ වෙතත් මෙම ලිලිත් ලෙස හඳුන්වන තැනැත්තිය ඉතා බිහිසුණු බලවත් ඩීමන් කෙනෙක් ලෙස සැලකේ. 

ReeCha