නැවත දුම්රිය වර්ජනයක් කළොත් වෙන දේ මෙන්න...

Report

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ, ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බවයි.

කතරගම මහා දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හෙට...

කතරගම මහා දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හෙට...

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ, ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්වී තිබියදී වර්ජනවල නිරත වීම අතිශය වැරදි සහගත ක්‍රියාවක් බවත් ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට දුම්රිය සේවකයින්ට අවස්ථාව සලසා දී ඇති බවත් ය.

ජනාධිපති ලෙස තේරී පත් වී අදට වසර 02ක්...

ජනාධිපති ලෙස තේරී පත් වී අදට වසර 02ක්...

මතභේදකාරී තත්ත්වයකට තුඩු දී ඇති 2020 වසරේ දී වැඩ අවසන් වු හැටන් නව දුම්රිය ස්ථානය සහ වෙළෙඳ සංකීර්ණය මේ දක්වාත් විවෘත කර නොමැති අතර එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම අදහස් පළ කළේ ය.