ජනාධිපති ලෙස තේරී පත් වී අදට වසර 02ක්...

Report

අද (20) දිනයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී වසර දෙකක් සපිරේ.

2022 වසරේ ජුලි මස 20 වනදා මෙරට 08වන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වූ බව එවකට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක සඳහන් කළේ ය.

ප්‍රථම සඳ ගමනට වසර 55ක්...

ප්‍රථම සඳ ගමනට වසර 55ක්...

හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් වීමත් සමග විධායක ජනාධිපති ධුරය සඳහා පුරප්පාඩුවක් පැවති අතර ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට පියවර ගත් අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානයක ඉදිරිපත් විය.

නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ...

නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ...

ඒ අතරින්ව, ලංගු ඡන්ද සංඛ්‍යාව වු 219න් ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට රනිල් වික්‍රමසිංහ මේ දක්වා සෘජුව ප්‍රකාශ කර නැතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ බවය.