මවගේ දරු ප්‍රසූතියේදී පියාට පළමු වරට රජයේ රෝහල් වලින් ලැබෙන්න යන දේ.
By Wayomi
පළමු වරට දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදී සූතිකාගාරය තුළ පියාටද රැඳී සිටීමේ අවස්ථාව රජයේ රෝහල් තුළද ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන් එහි පළමු පියවර ආරම්භ කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන මහතා පැවසු බවයි පුවත් වෙබ් අඩවියක් සඳහන් කර තිබුනේ.
ඒ, අනුව මෙහිදී සූතිකාගාරයේ දරු ප්‍රසූතිය සඳහා වෙන් වෙන් වශයෙන් කාමර නිමවා ඇති අතර තම බිරිය දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී ඒ අසල ස්වාමියාට රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති.
මෙවැනි කටයුතු මගින් යහපත් මානසිකත්වයකින් මවට දරුවා ප්‍රසූත කළ හැකි බව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති බව ද දන්තනාරායන මහතා පවසා තිබෙනවා.