රටවල් 12කට ඇමෙරිකාව කරන්න යන දේ

By Mithu Jun 29, 2025 12:42 PM GMT
Report

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව ලබා දෙන අරමුදල් කපා හැරීමට ධවල මන්දිරය යෝජනා කර ඇත.

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

මෙලෙස අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉරාකය, නේපාලය, කොලොම්බියාව, බෙලරූස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, සිරියාව, යුක්රේනය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන යුද අපරාධ සොයා බැලීමේ සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන්ය.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතාගේ මෙරට සිවුදින නිල සංචාරයට සමගාමීව ධවල මන්දිරය ගෙන ඇති මෙම තීරණය අනාවරණය විය. ඇමෙරිකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන අරමුදල් සමාලෝචනය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියද අරමුදල් හිඟයකට මුහුණදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා