ළමා ආරක්ෂාවට තර්ජනයක් - ටෙලිග්‍රෑම් ඇතුළු වේදිකාවන්ට UK විමර්ශනය
බ්‍රිතාන්‍ය සන්නිවේදන නියාමක Ofcom විසින් Telegram ඇතුළු අන්තර්ජාල වේදිකාවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය බෙදා හැරීම සහ යොවුන් වියේ කතාබස් සේවාවන් විලෝපිකයන් විසින් දරුවන් “grooming” කිරීම සඳහා භාවිතා කරන බවට ලැබී ඇති සාක්ෂි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව, Telegram සමඟින් Teen Chat සහ Chat Avenue වැනි කතාබස් සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇත.
මෙම වේදිකාවන් දරුවන්ට ඇති අවදානම්වලින් ප්‍රමාණවත් ආරක්ෂාව ලබා දෙනවාද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු, බ්‍රිතාන්‍ය දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව Ofcom ප්‍රකාශ කළේය.
එහි බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ Suzanne Cater සඳහන් කළේ, “මෙම සමාගම් දරුවන් ආරක්ෂා කිරීමට වැඩි ක්‍රියාමාර්ග ගත යුතු අතර, එසේ නොමැති නම් මාර්ගගත ආරක්ෂණ නීති යටතේ දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇත” යනුවෙනි.