අධිවේගී මාර්ගවලට ගෙවන විදිහේ වෙනසක් - අලුත් ක්‍රමයක් ගැන දන්වයි
අධිවේගී මාර්ගවලට ලබන වසරේ සිට ස්වයංක්‍රීය ගෙවීම් පද්ධති සකස් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පවසා ඇත්තේ,
"පසුගිය අවුරුද්දට සාපේක්ෂව මෙම වසරේ අධිවේගී මාර්ග භාවිතාව සියයට 15 පමණ වර්ධනය වෙලා. පහුගිය අවුරුද්දේ අප්‍රේල් 10 සිට 20 දක්වා කාලයේ අධිවේගී මාර්ගවල වාහන දාහතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ධාවනය වුණා. එයින් රුපියල් මිලියන පන්සිය තිස් හයකට වඩා ආදායමක් ලැබුණා." යනුවෙන්.