ඩයනා ගමගේගේ නඩුව කල් යයි

Report

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මැයි මස 12 වනදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති මෙම නඩුවට අනුව, 2016 ජුලි 14 වනදා සිට 2020 නොවැම්බර් 01 වනදා දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු සැපයීම මගින් ඇය ආගමන හා විගමන පාලක පනත යටතේ වැරදි සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ මෙම නඩුකරය විභාගයට ගැනෙන අතර, අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අවුරුදු ඉවර වෙන කොටම අස්වැසුමෙන් සුබ ආරංචියක් - අප්‍රේල් දීමනාව දෙන දිනය දැනුම් දෙයි

අවුරුදු ඉවර වෙන කොටම අස්වැසුමෙන් සුබ ආරංචියක් - අප්‍රේල් දීමනාව දෙන දිනය දැනුම් දෙයි

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්