ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් දිවයිනට , හේතුව මෙන්න

Report

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සඳහා අද ( 21) උදෑසන කොළඹ වරායට පැමිණ ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකර තිබේ මෙලෙස කොළඹ වරායට පැමිණි Diving Support Vessel වර්ගයට අයත් ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Sailesh Kumar Tyagi කටයුතු කරනු ලබයි.

මෙම යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මිශ්‍ර වායු කිමිදුම් පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිතව තිබේ.

ලොකු පැටී යළිත් රිමාන්ඩ්

ලොකු පැටී යළිත් රිමාන්ඩ්

  මෙමගින් දෙරටේහි කිමිදුම් අංශයන්ගේ අත්දැකීම් හුවමාරුව සහ ශක්‍යතා වර්ධනය සඳහා අවස්ථාව සැලසීම බලාපොරොත්තු වී ඇත.

ඒ වගේම එහි නැව් මුළුව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණින් සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට සහභාගී වීමටත්, සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා සංචාරයන්හි නිරත වීමට නියමිතව තිබේ.

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසියෙන් දැනුවත් කිරීමක්

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසියෙන් දැනුවත් කිරීමක්