"මෛත්‍රී මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදු කළා නම් සහනයක් ගන්න තිබුනා." - මහින්ද රාජපක්‍ෂ.

Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය අද මුළු රටටම විශාල ප්‍රශ්නයක් බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ සඳහන් කළා.

ඒ, ඊයේ (24 ) එක්තරා පුවත්පතකට අදහස් දක්වමින්.

එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඔහු මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදු කළා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔහුට සහනයක් ලබා ගැනීමට තිබුණු බවයි.

එමෙන්ම නීතිමය තත්ත්වය ගැන සැලකිලිමත් නොවී, ඔහු මෙම ප්‍රකාශය කළේ දේශපාලන වශයෙන් මඩ ප්‍රහාරයක් එල්ල කරලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්න බවත්, දැන් නීතිමය තත්ත්වයට ඔහුට මුහුණ දීමට සිදු වන බවත් හිටපු අගමැති මහින්ද කියා සිටියා.