මෙරට ලක්ෂ 12කගේ රැකියා වලට සිදු වූ දේ.
මේ වන විට රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී බව අනාවරණය වී තිබෙනවා.
පසුගියදා මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙය අනාවරණය වුණා.
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය පමණක් නොව,එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇති බවයි අවධාරණය කෙරුණේ.
එමෙන්ම මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම,ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද ඒ අතර සිටින බවයි ඇමතිවරයාපවසන්නේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |