දිවයින පුරා අද සිදු කිරීමට තිබූ සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට සිදු වූ දේ මෙන්න..

Ministry of Health Sri Lanka Strike Sri Lanka National Health Service
By Aruna Mar 19, 2024 02:04 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (19) සිදු කිරී­මට නිය­මි­තව තිබූ වැඩ වර්ජ­නය තාව­කා­ලි­කව අත්හි­ටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධා­නයේ සම කැඳ­වු­ම්කරු චානක ධර්ම­වි­ක්‍රම මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල ලිඛි­තව සිදු කළ ඉල්ලී­ම­කට අනුව බවත්, වැඩ වර්ජ­නය යලි ක්‍රියා­වට නැංවීම සති­ය­කින් කල් දැමූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය වෘත්තීය සමි­තීන්වල ඉල්ලීම් ඉටු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ ලේක­ම්ව­රයා විසින් මුදල් අමා­ත්‍යාං­ශ­යට යොමු කළ වාර්තා­වට අනු­මැ­තිය ලබා ගැනීම වෙනු­වෙන් මුදල් අමා­ත්‍යාං­ශය සමඟ සාක­ච්ඡා­වක් සූදා­නම් කර­මින් සිටින බවත්, ඒ සම්බ­න්ධ­යෙන් ඉදිරි දින කිහි­පය තුළ දී දැනුම් දෙන බවට සෞඛ්‍ය ලේක­ම්ව­රයා පැවසූ බවයි.

ඒ අනුව, වැඩ වර්ජ­නය සිදු කිරී­මෙන් රෝගීන්ට වන අප­හ­සු­තාව සලකා බලා මෙම වැඩ වර්ජ­නය තාව­කා­ලි­කව නතර කිරීමට තීරණය කර ඇත.

ReeCha