දැඩි පිලිස්සුම් තුවාල සහිත තල්මසෙක් වෙරළට ගොඩගසයි..
මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරඩික්කුලි මුහුදු වෙරලට පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසෙකුගේ මළ සිරුරක් ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයින් පෙනවා දෙයි.
ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් ධීවර කටයුතුවලට පැමිණෙන අවස්ථාවේදී අදාල තල්මසා දැක ඒ බව මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට දැනුම් දී ඇත.
අදාල තල්මසාගේ සිරුරේ බොහෝ ස්ථානවල පිලිසුම් තුවාල තිබෙන බවටත් පසුගියදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එයට හසු වූ තල්මසෙකු බවට සැකකරුන්නෙයැයි ප්‍රදේශවාසීන් හා ධීවරයින් පවසා සිටිති.
මේ අතර පසුගිය දින කිහිපය තුලදී මන්නාරමට හා යාපනයට මිය ගිය කැස්බෑවන් හා විශාල තල්මසෙකුගේ සිරුරක්ද ගොඩගසා තිබූ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හා රසායනික ද්‍රව්‍යන් හේතුවෙන් මෙලෙස මසුන් මිය ගොස් මුහුදු වෙරලයන් වෙතට ගොඩගසන බවට ධීවරයින් වැඩිදුරටත් පවසා සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |