වැලිගම සභාපති ඝාතනයේ සැකකරු පුද්ගලයෙක් කොළඹ කොටුවේ - පොලිසිය කොළඹම පීරයි
වැලිගම ප්‍රාදේශයේ සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සැක කරන පුද්ගලයෙකු සොයා මේවන විට කොළඹ කොටුව ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇති බවට පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව කළු පැහැති ටී ෂර්ටයක් පැළඳ රැවුල කපා ඉවත් කළ පුද්ගලයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේ සැරි සරන බවට පොලිසියට තොරතුරක් ලබා දී ඇත.
ඒ අනුව මෙම සෝදිසි මෙහෙම ක්‍රියාත්මක කොට තිබේ. මීට අමතරව එම ඝාතනයට අදාළ කාන්තාවක් ඇතුළු සැකකරුවන්ට අද (26) අලුයම අත්අඩංගුවට ගත් අතර එවැනිම තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන්.
මේ අනුව මේ වන විට මෙම ඝාතනයට සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
අද දින වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ අවසන් කටයුතු සිදුවන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඔහුට අවසන් ගෞරව දක්වා තිබුණි.