කතකගේ යට ඇඳුම දිය යටදී ගලවන්න ගිය කිමිදුම්කරුවා..ලංකාවෙ දකුණෙන් ඇසෙන අමුතුම සිද්ධියක්.
මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ බව කියන කිමිදුම්කරුවකු අත්අඩංගුවට ගත් පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සිය සැමියා සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම පිලිපීන ජාතික කාන්තාව ඇයගේ සැමියා ද සමග වැලිගම කප්පරතොට මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිට ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සදහන් කළා.
කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසුණු පුද්ගලයකු පිලිපීන ජාතික කාන්තාව සමීපයට පිහිනා පැමිණ ඇය ඇඳ සිටි යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය එම පුද්ගලයාට වැර යොදා පා පහරක් එල්ල කර තිබෙන බව පොලිසිය පවසනවා.
පා පහර කෑ කිමිදුම්කරු දිය යටින් ඈතට පිහිනා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
පිලිපීන ජාතික කාන්තාව තමා මුහුණදුන් මෙම අප්‍රසන්න සිදුවීම සිය සැමියාට දැනුම් දී ඔහුත් සමග පැමිණ මේ බව ඇය වැලිගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම විදේශීය කාන්තාවන්ගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |