අද සවස හෝ රාත්‍රී කාලයේ සිදුවන දෙයක් ගැන දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Report

අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී එම වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි දන්වා ඇත්තේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.