රට පුරා ගිගුරුම් සහිත තද වැසි..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 07, 2023 01:25 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි.

මේ අනුව, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උතුරු-මැද පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක තද සුළං ද ඇති වෙයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

අද දින දහවල් 12:08 ට හික්කඩුව, දෙයියන්දර සහ වලස්මුල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ReeCha