රට පුරා දිස්ත්‍රික් 09කට විශේෂ දැනුම්දීමක්..මේ දිස්‍ත්‍රික්ක වල අය දැඩි අවධානයෙන්..

Jaffna Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Aug 28, 2023 01:51 AM GMT
Aruna

Aruna

Report

අද (28) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ, මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

මේ අතර වියළි කාලගුණ තත්ත්වයත් සමග දිවයින පුරා බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 290,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පවුල් 84,646කට අයත් පුද්ගලයින් 291,720 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha