ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..
ඉදිරි පැය 24 තුළත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඊයේ(16) පස්වරුවේ වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පැවතුණ ද රාත්‍රී කාලයේ යළි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුළු ගංවතුර තත්වයක් පවතින කළු ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජලමට්ටම ඊයේ(16) පස්වරු 3යි 30 වන විට අඩි 7යි අඟල් 9යි 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ.
එමෙන්ම අත්තනගලු ඔයේ ද ජලය පිටාර ගැලීමෙන් මේ වන විට සුළු ගංවතුර තත්වයක් පවතින අතර ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයේ සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
කැළණිය ගඟ ආශ්‍රිත පහත් බිම් වල ජලය මේ වනවිට බැසයමින් පැවතිය ද කැළණිය, බියගම, දොම්පේ සහ සීතාවක ප්‍රදේශ වල සුළු ජල ගැලීම් තත්ත්වයන් තවදුරටත් පවතිනවා.
වර්ෂාවත් සමඟ ඇති වූ අධික සුලං තත්වය හේතුවෙන් අම්පාර සාමපුර ප්‍රදේශයේ විදුලි රැහැන් හා ගස් කඩාවැටීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම, දිස්ත්‍රික්ක 6 කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා තත්වය පිළිබඳ සකච්ඡා කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවති විශේෂ රැස්වීමක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිවුණා.
ඒ ගම්පහ නගරාධිපති එරංග සේනානායක සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් අතරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |