අදත් පස්වරු 1.00 න් පස්සේ කාලගුණයේ සිදු වන වෙනස.

Department of Meteorology Weather
By Wayomi Dec 08, 2023 05:37 AM GMT
Wayomi

Wayomi

Report

අද (8) පස්වරු .1.00 න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ලසහකුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම නැගෙනහිර පළාතේ උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ReeCha