TikTok තරුව විනිසුරුට කුණුහරපෙන් බැනලා

Sri Lanka Magistrate Court TikTok Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jul 09, 2025 10:49 AM GMT
Ashfa

Ashfa

Report

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් TikTok වීඩියෝවක් පළ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වයස අවුරුදු 25ක් වූ තරුණයෙකු මඩු පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

මෙම තරුණයා මඩු පොලිස් වසමේ මුල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මීට පෙරද ඔහු විවිධ අපරාධ කටයුතු සඳහා අත්අඩංගුවට පත් වී තිබුණි.

අදාළ TikTok වීඩියෝව නිර්මාණය කිරීමෙන් පසු ඔහු එය සමාජ ජාල තුළ පළ කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඔහු පසුගිය ජූලි 7 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ පහරදීමක් හා පිහියකින් තුවාල සිදුකිරීමක් සම්බන්ධ නඩුවක් සදහාය.

එම නඩුව ලබන ජූලි 15 වැනිදා දක්වා කල් දැමූ බවද වාර්තා වේ.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

පොලීසිය පවසන්නේ, එම නඩුවෙන් පසු මෙම තරුණයා අදාළ TikTok වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

තවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ ඔහු 2022 දී සිදුවූ සොරකමක් සහ 2023 දී සිදුවූ පහරදී සොරකම් සිදුවීමක් සම්බන්ධයෙන්ද මීට පෙර අත්අඩංගුවට පත් වී ඇති බවයි.

දැනට සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මඩු පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha