දුම්රිය මාර්ගයක වෙලාව සංශෝධනයක්

Report

මහජනතාවගේ ඉල්ලීම මත උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරනු ලබන වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දී තිබේ. එම සංශෝධනයන් පසුගිය 07 වන දින සිට දිනපතා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. එමෙන්ම, එතෙක් සති අනත්යේදී කොළඹ කොටුවෙන් ආරම්භ කර ධාවනය කරන ලද අංක 4021 නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමටත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4022 දුම්රිය ගල්කිස්ස දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම් කර ඇත.

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

එමෙන්ම, කාර්ය මණ්ඩලයේ හිඟතාවය හේතුවෙන් පසුගිය දිනයන්හි මෙම නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට නොහැකි වූ බව දැනුම් දී තිබේ. එනමුත් හෙට (10) දිනයේ සිට සැලසුම් කල පරිදි අංක 4021 දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සහ අංක 4022 දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්