ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

Agriculture Water And Action For Rural Development Water Sinhala news
By Mithu Jul 09, 2025 11:20 AM GMT
Mithu

Mithu

Report

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි. දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහල මට්ටමක පවතින බව එම මණ්ඩලය පවසයි.

විමල් CIDයට පැමිණෙයි

විමල් CIDයට පැමිණෙයි

එමනිසා පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතු වලට සමසේ බෙදාහැරීය යුතු බව දැනුම් දී තිබේ. එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිතා කිරීම අවම කොට අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉතා කරුණාවෙන් ඉල්ලා සිටී.

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශ වල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකිය. කෙසේවුවත් මෙම වියලි හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරයි.

විශ්වවිද්‍යාලවල නවක වධයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විශ්වවිද්‍යාලවල නවක වධයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ReeCha