මරණ තර්ජනවලට බයේ මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්ගෙන් CID ට පැමිණිල්ලක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි සහ පුල්මොට්ටා ප්‍රදේශවල සමස්ත ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් (SLPC) පක්ෂයේ ආධාරකරුවන් තමන්ට විරුද්ධව මරණ තර්ජන සහ මඩ ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු මේ සම්බන්ධයෙන් ඊයේ (08) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළ බව පවසයි.
කෙසේ වෙතත් ඔහු කියා ඇත්තේ සමස්ත ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ සමහර නායකයින් සහ ආධාරකරුවන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ග ඔස්සේ තමන්ට විරුද්ධව තර්ජනාත්මක හා අපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.
එසේම සමස්ත ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී සමගි ජන ශක්ති සාමාජිකයින් එම පක්ෂයට සහාය නොදැක්වීම මේ තර්ජන හා මඩ ප්‍රහාරවලට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි
එම තත්ත්වය මත ඔවුන් දිගින් දිගටම තමන්ට විරුද්ධව අපහාසාත්මක ප්‍රචාරණ හා තර්ජන එල්ල කරමින් සිටින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ ඊට විරුද්ධව තම නීති උපදේශකයා ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත්, ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ගොනු කළ බවත් ය.
අඳාළ පැමිණිල්ලෙන් තර්ජන හා මඩ ප්‍රහාර එල්ල කළ අඳාළ පුද්ගලයින්ට විරුද්ධව විධිමත් විමර්ශනයක් ආරම්භ කරන මෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලයේ දේශපාලනික තත්ත්වයන් තුළ, මෙවැනි තර්ජන හා මඩ ප්‍රහාර දේශපාලනඥයින්ට එරෙහිව එල්ල වීම බරපතළ ගැටලුවක් බැවින් අඳාළ පැමිණිල්ල මඟින් එවැනි තර්ජන හා අපහාසාත්මක ක්‍රියාවන්ට විරුද්ධව බලධාරීන්ගෙන් යුක්තිය ඉල්ලා සිටීම මන්ත්‍රීවරයාගේ අරමුණ බව පවසයි.
