මේ මොකක්ද වෙන්න යන්නේ?. මි.මී 200ට වැඩි තද වැසි.. වහා රතු නිවේදනයක් නිකුත් කරයි..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Nov 26, 2024 12:48 AM GMT
krishani

krishani

Report

කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (26)පෙ.ව. 04.30 ට ය.

එලෙස නිකුත් කරන ලද එම නිවේනදය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ.

උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මී.මී. 100ක පමණ තද වැසි ඇති වේ.

නාය යෑමේ අනතුරු ඇඟවීමක්.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන්..

නාය යෑමේ අනතුරු ඇඟවීමක්.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන්..

මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වීය.

ඒ මිලිමීටර් 191ක් ලෙසයි.

අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වීය.

උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පැතුම් නිස්සංකට මේ පාරත් IPL දොර විවෘත නොවේ - ලංසු නොතබාම එළියට..

පැතුම් නිස්සංකට මේ පාරත් IPL දොර විවෘත නොවේ - ලංසු නොතබාම එළියට..

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11:30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290ක් සහ ත්‍රිකුණාමලයට කී.මී. 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ.

එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.

You May Like This Video 👇 

.

ReeCha