වියළි කාලගුණය නිමා කරමින් වැහි දෙයියෝ ප්‍රදේශ ගාණකට අත වනයි..
By krishani
ලංකාවට මාස කිහිපයක සිට වියළි කාලගුණ තත්ත්වයක් පැවතිණ.

එම වියළි කාළගුණය නිමා කරමින් අද උදෑසන සහ පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව පතිත විය.
මෙලෙස වර්ෂාපතනය ලැබූ ප්‍රදේශ ලෙස අනුරාධපුරය, මින්නේරිය, මැදිරිගිරිය ,පොලොන්නරුව, වව්නියාව, කිලිනොච්චිය,මාන්කුලම්,පුලියයන්කුලම සහ ඔමන්තේ මෙන්ම කෑගල්ල, බෙලිඅත්ත යන ප්‍රදේශයන් සැලකිය හැකිය.
කෙසේ වෙතත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ය.