අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.

By Aruna Dec 25, 2024 01:07 AM GMT
Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..හැබැයි මේ ලග්න වලටනම් පාඩු පිට පාඩු.(VIDEO)

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..හැබැයි මේ ලග්න වලටනම් පාඩු පිට පාඩු.(VIDEO)


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40 පමණ දක්වා ඉහළ යා හැක.

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි..යළි විවෘත කරන දිනය මෙන්න.

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි..යළි විවෘත කරන දිනය මෙන්න.


බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

You May Like This Video