දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය ඉහළ යයි..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි.
දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනනේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.