අද ප්‍රදේශ රැසකට වැස්ස වැඩිවෙයි..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන් ඉන්න..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 14, 2024 01:21 AM GMT
Aruna

Aruna

Report

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන්වේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.


ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..

මිථුන,සිංහ,කන්‍යා සහ කුම්භ යන ලග්න හිමියන්ට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් අද කටයුතු කරන්න..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 

ReeCha