හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් 'හරක් කටා', චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යනු ලබයි.

වහාම හමුදාව පොලිසිය කැදවයි - මොකක්ද වෙන්න යන්නේ?

වහාම හමුදාව පොලිසිය කැදවයි - මොකක්ද වෙන්න යන්නේ?

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැත.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.