වෛද්‍ය මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරලා
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මහේසි සූරසිංහ විජේරත්නගේ දියණිය විසින් විමර්ශන නිලධාරීන්ට මරණ තර්ජන කළ බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මියට දැනුම් දී ඇත.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය විසින්, ඇප ඉල්ලීමක් සඳහා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී එම තර්ජන සිදු වූ බවත් පැවසීය.
මෙම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් මහත්මිය, තර්ජනය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට නිළ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට උපදෙස් ලබාදී ඇත.