අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස
ලබන 16 වැනිදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ, දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි.