උපාධිධාරීන්ට වැටුප් ඉහල නංවයි?

Report

පරිපූරක වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින වැදගත් ගැටළු රැසකට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සම සෞඛ්‍ය ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මෙහිදී, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන්, භෞත හා වෘත්තීය චිකිත්සකයන් ඇතුළු වෘත්තීන් සඳහා නියමිත සේවා ව්‍යවස්ථාවන් සකස් කිරීම සඳහා මූලික කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

එමෙන්ම, සම සෞඛ්‍ය උපාධිධාරීන් සඳහා සුදුසු වැටුප් තලයක් ලබාදීම, විශේෂ ශ්‍රේණි උසස්වීම් ප්‍රමාද කිරීම නවතා දැමීම, සහ මත්ද්‍රව්‍ය ශීතදාම ආරක්ෂාවට අවශ්‍ය උපකරණ ලබාදීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

වැඩි දියුණු කළ අතිකාල ගණනය, පරිපාලන විභාග අවස්ථා ලබාදීම, සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීම සඳහාද එකඟතාවයකට පැමිණිය.