බස් ගාස්තු 0.55%කින් අඩුවෙයි – වැඩියෙන් ගන්නවොත් දැන්ම පැමිණිලි කරන්න
මේ වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ 0.55%කින් අඩු කරන ලද බස් ගාස්තු ඊයේ (ජුලි 4) මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක විය.
මෙම ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා සහ අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු බස් රථ සේවාවලට අදාළ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවකයන් වෙත දැනුම් දෙනුයේ, මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අය කළ යුතු බවයි.
නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අය කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අය කළහොත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකයට හෝ 0712595555 WhatsApp අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් ජනතාවට දන්වා සිටියි.