අද දිවයින පුරා වැස්ස සහ සුළඟ ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 07, 2024 01:25 AM GMT
Aruna

Aruna

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..Facebook භාවිතා කරනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..Facebook භාවිතා කරනවනම් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 35-45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි ය.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha