අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.