අද සවස 1.00න් පස්සෙ දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 16, 2024 01:00 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (16) දිනයේ දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

ඒ අනුව, එම නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..


තවද, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි.

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..


ReeCha