ඩීල් එපා කියපු රහස් ඡන්ද එපා කියපු ආණ්ඩුව -ප්‍රසාද් සිරිවර්ධන
ජනතාවගේ වරමින්ම කාලයට පත් වූ ආණ්ඩුව පිළිබඳව අද සමාජය තුළ යහපත් දේ කතා වෙනවා වගේම තවත් කොටසක් ආණ්ඩුව විවේචනය කරන්නත් පටන් අරන්.
ඒ අනුව අනිත් සෑම පක්ෂයකට ඩීල්, හොරකම, වංචාව, දූෂණය සම්බන්ධයෙන් චෝදනා කළ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට, තමන්ම කියූ ප්‍රකාශ ආයේ හැරවීමට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසාද් සිරිවර්ධන පවසනවා. රහස් ඡන්ද යනු වංචාවේ ප්‍රතිමූර්තියක් බව කියූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අද වන විට රහස් ඡන්ද තුළ සැඟවීමට සිදුව ඇති බවත්, ඩීල් නොමැති නම් සැඟවෙන්නේ කුමකට දැයි ප්‍රශ්න කරන බවයි ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හොරුන්ට ඡන්දය ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණට, ඡන්දයෙන් පත්වුණා යැයි ඔවුන් කියූ හොරු රැගෙන බලය පිහිටුවීමට සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් සම්බන්ධයෙන් මිනිසුන් විශ්වාස කළ බවත්, අවුරුදු 76 ක් නොවුනු දේ 77 වැනි අවුරුද්දේ සිදු වේ යැයි සිතා සිටි බවත්, නමුත් 77 වැනි අවුරුද්දේ පෙරටත් වඩා හොඳට ජඩ මජර ක්‍රමය රට තුළ ස්ථාපිත කරමින් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසාද් සිරිවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
