අද රෑත් දිවයින පුරා සිදුවන දේ කාලගුණය කියයි - ඉදිරි පැය 24 ත් තීරණාත්මකයි.. හෙට 06 වෙනකම් මේ දේ කරන්න එපා..
අද (06) බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද රාත්‍රියේ දී මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පනවා තිබු නායයෑමේ අවධානම ඉදිරි පැය 24 තුලදීත් ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර, හෙට උදෑසන 6 දක්වා කොළඹ - බදුල්ල මාර්ගයේ බෙරගල - බත්ගොඩ දක්වා කොටස භාවිතා නොකරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ ය.