ඉදිරි පැය 36 තීරණාත්මකයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
Weather
By krishani
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 36 තුළත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකිය
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ කොස්ගම - හිඟුරල මංසන්ධිය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතු විය.

ප්‍රධාන මාර්ගයක් ජලයෙන් යට වෙද්දි තවත් මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා - දැඩි රථවාහන තදබදයක්.. මේ මාර්ගවල ගමන් කරනවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා.
