ඉදිරි දින දෙක ශ්‍රී ලංකාවටම තීරණාත්මකයි.. වෙන්න යන දේ ඔබ දන්නවා ද?.
Sri Lanka
Weather
By krishani
ඉදිරි දින දෙක තුළ දී ද දිවයින තුළ පවතින වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් අකුරැස්ස ඉලුප්පැල්ල ඉඹුල්ගොඩහේන කන්ද නාය යෑමේ ලකුණු පහළ වීම හේතුවෙන් නිවාස 03කට ජනතාව බලපෑමට ලක් වී ඇත.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයෙන් වාර්තා විය.
ඒ මිලිමීටර් 97ක් ය.
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි මේ වන විට ඇද හැලෙමින් පවතියි. එයට හේතුව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් ය.
මේ අතර දකුණු පළාතට බලපා ඇති අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පස්කඳු කඩා වැටීය.
කෙසේ වෙතත්, ඉදිරි දින 2 තුළ ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, සහ ඌව පළාත්වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි ය.
