පළාත් කිහිපයකට වැසි - අද දිවයින පුරා කාලගුණ තත්ත්වය.

Sri Lanka Weather
By krishani Mar 22, 2023 01:10 AM GMT
krishani

krishani

Report

අද (22) සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join