කොළඹ සහ ගාල්ල හරහා... මුහුදු රළ ගොඩබිමට?. එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

කොළඹ සහ ගාල්ල හරහා... මුහුදු රළ ගොඩබිමට?. එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO) | Weather In Sri Lanka 05 May 2024

ඒ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ය.

ඒ අනුව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර් (2.5 -3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12 - 16) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතින බව එහි සඳහන් වේ.

එබැවින් කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකිය.

කෙසේ වෙතත්, එම නිසා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල ‍යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.   

Gallery