මෙන්න පිරිසකට විශේෂ දැනුම්දීමක්..! ඔබත් මේ අතරද..?

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Jan 26, 2025 03:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙසයි එයින් දැනුම් දී ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (27) දින පස්වරු 01.30 වන තෙක් වලංගු වන පරිදී මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් වේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.  

………………………………………………………………………

You may like this video 👇



ReeCha